ආදි ශිෂ්‍ය සංගමයේ නව නිලධාරී මණ්ඩලය පත් වෙයි.

නුගේගොඩ සමුද්‍ර දේවි බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ නව නිලධාරී මණ්ඩලය තේරී පත්ව ඇත

2021 නොවැම්බර් 14 වැනි දින මාර්ග ගතව Zoom තාක්ෂණය ඔස්සේ පවත්වන ලද රැස්වීමේ දී මෙම අන්තර් කාලීන නිලධාරී මණ්ඩලය තෝරා ගැනීම සිදුවිය. විදුහල්පතිනි සුරේකා සිරිවර්ධන මහත්මිය මුලසුන හෙබවූ මෙම රැස්වීමේ දී ආදි ශිෂ්‍ය සංගමයේ නව ලේකම්වරිය ලෙස කනකා අබේගුණවර්ධන මහත්මිය ද උප සභාපතිනිය ලෙස සන්ධ්‍යා විජයබණ්ඩාර මහත්මිය ද පත් කර ගන්නා ලදි. [email protected] හරහා ඔබට නව නිළධාරී මණ්ඩලය සමග සම්බන්ධ විය හැක.